දිස්ත්‍රික්ක 4ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
October 22, 2024 - 7:00 PM
දිවයිනේ මේ දිනවල පවතින අධික වර්ෂාපතනයක් සමඟ ඩෙංගු රෝගීන් බෝ වීම සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ හේතුවෙන් දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළා.
ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ පසුගිය දින 21ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,874ක් දිවයිනෙන් වාර්තා වූ බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 41,285 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
(lknews.lk)