කටුනායක ඇගලුම් කම්හල ගැන විශේෂ සාකච්ඡාවක්

May 22, 2025 - 10:16 AM
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වා ගෙන ගිය නෙක්ස්ට් ඇගලුම් කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන් අද (22) විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ආයෝජන මණ්ඩලය, කම්කරු දෙපාර්තමේන්තුව සහ අදාළ සමාගමේ නියෝජිතයන් අතරයි.

මෙම කර්මාන්ත ශාලාව වසා දැමීම හේතුවෙන් එහි සේවක සේවිකාවන් 1400ක් පමණ අසීරුතාවයට පත්වී තිබෙනවා.
 
(lknews)