සෞඛ්‍ය සේවක ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

February 17, 2024 - 10:41 AM
සෞඛ්‍ය සේවක ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ එම සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිත බවයි.

එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)