නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න විශේෂ දවසක්

September 07, 2024 - 5:06 PM
මෙවර ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම සඳහා හෙට (08) විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 11,12,13 සහ 14 යන දිනවලදීද එම ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවයි.

(lknews)