සිරිපා සමයට විශේෂ ගැසට්ටුවක්

December 26, 2023 - 4:36 PM
අද (26) සිට ආරම්භ වු සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන්.
(lknews.lk)