එළඹෙන නිවාඩුවට විශේෂ තැපැල් සේවාවක්

April 08, 2024 - 5:00 PM
එළඹෙන දීර්ඝ නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදා දීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව අප්‍රේල් 12 වනදා දිවයින පුරා තැපැල් කාර්යාල මඟින් Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)