TIN අංකය ගත් අයට දැනුම් දීමක්

July 05, 2024 - 12:47 PM
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නද තම මාසික ආදායම රුපියල් 1,00,000 ඉක්මවා නොමැති නම් බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා මාසික ආදායම රුපියල් 1,00,000 ඉක්මවා නොමැති බව ලිඛිතව දැනුම්දිය යුතු බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බව ඔහු සඳහන් කළා.

(lknews)