යුද්ධ හමුදාවේ සාමාජිකයන්ට විශේෂ දැනුම්දීමක්

February 16, 2025 - 6:07 PM
මේජර් තනතුරින් පහළ සියලුම යුද්ද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දී තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.

පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත්කර විදෙස් ගමන්  බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)