උප්පැන්න නැතිව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූවන්ට විශේෂ දැනුම් දීමක්

June 22, 2024 - 11:35 AM
උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා මේ මස 30 වනදා දක්වා අවස්ථාව පවතින බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී කියා සිටියා.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබූ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබාදීමට කටයුතු කළ බවත් ඔහු අවධාරණය කළා.

(lknews)