ජූලි 24 වනදා අහසේ විශේෂ සංසිද්ධියක්

July 22, 2024 - 1:11 PM
සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 24 වනදා ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ ජූලි 24 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවයි.

එමෙන්ම නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වනදා බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට එම සිදුවීම දර්ශනය වන වේලාවන් වෙනස් වන අතර එම වේලාවන් පහතින්,



(lknews)