සරම්ප අතිරේක මාත්‍රාව ලබා දීම අද සිට ඇරඹෙයි

January 06, 2024 - 10:17 AM
සරම්ප අතිරේක මාත්‍රාවක් ලබා දීම සඳහා අද (06) සිට දිස්ත්‍රික්ක 04 විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අතිරේක සරම්ප මාත්‍රාවක් ලබා දීම අනුමත කර ඇති බවයි.

මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා.
(lknews.lk)