ශ්‍රී ලංකාවේ තේ සඳහා විශේෂ වැඩපිළිවෙලක්

April 08, 2024 - 11:17 AM
ශ්‍රී ලංකාවේ තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපෙළෙහි පවතින තැන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය තිරසර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව වැඩසටහන නමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

මේ පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තේවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැකගැනීමට හැකිවන බවයි.

මෙහි මූලික අරමුණ වන්නේ තේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පිළිගත් ප්‍රමිතිකරණයකින් යුක්තව තේ නිෂ්පාදනය කිරීමයි.


(lknews.lk)