2024 උසස් පෙළ විභාග අයදුම්කරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක්

June 21, 2024 - 12:47 PM
2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව ජූලි මස 10 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත්‍ර කැඳවීම සිදු කළ හැකියි.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මඟින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගැනිමේ හැකියාව පවතිනවා

(lknews)