උත්සව සමයේ විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක්

December 21, 2023 - 3:34 PM
එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

එමෙන්ම ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
(lknews.lk)