මෙවර උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්

September 21, 2023 - 10:16 AM
2023 උසස්පෙළ විභාගය ආරම්භ වන දිනය යළි සංශෝධනය කිරීමට තීරණය කළ බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. 

ඒ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 
 
ඒ අනුව 2023 උසස්පෙළ විභාගය ආරම්භ වන නව දින එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (21)තමන් විශේෂ ධනාත්මක ප්‍රකාශයක් කරන බව ඊයේ (20) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ පාර්ලිමේන්තුවේදී රත්නපුර දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
(lknews.lk)