භික්ෂූන් වහන්සේලාට විශේෂ ගෞරව නාමයක්

March 09, 2024 - 1:10 PM
භික්ෂූන් වහන්සේලාගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘ REVEREND ’ ලෙස යෙදීමට නියමිත බවයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය සඳහන් කරන්නේ.

මෙම තීරණයට එළැඹ ඇත්තේ මෙරට සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර එම අමාත්‍යාංශයේදී පැවති  සාකච්ඡාවකදීයි.
(lknews.lk)