ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

July 06, 2024 - 6:14 PM
ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක හෙට (07) සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ, බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව පැවැත්වීම හේතුවෙන්.

මෙම සමුළුවට විවිධ රටවල සිට 15,000ක පමණ පිරිසක් සහභාගී වන අතර එය හෙට සිට 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(lknews)