විශේෂ ප්‍රවාහන සේවාව අදත් ක්‍රියාත්මකයි

April 16, 2024 - 9:26 AM
අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නිවාඩුවෙන් පසු නැවත කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවාව අදත් (16) ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව හෙට දිනය (17) දක්වාද විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එමෙන්ම දුම්රිය 12ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවද සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධික මගී ඉල්ලුම හේතුවෙන් කොළඹ සිට බදුල්ල සහ ගාල්ල දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

(lknews.lk)