ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත හිමිනමක් අත්අඩංගුවට

October 25, 2023 - 1:39 PM
පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කර තිබෙනවා.

මින් පෙර උන්වහන්සේ ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත මෙසේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කිරීමට සහ ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යැවීමටත් නියමිතයි. 
(lknews.lk)