වව්නියාවේ දරුවන්ටත් අධ්‍යාපනයේ වසන්තය උදා වෙයි

July 17, 2024 - 10:20 AM
දැයේ සියලු දරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනය තවදුරටත් තහවුරු කරමින් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2024 වැඩසටහන උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ කලාප 2කට අයත් පාසල් අධ්‍යාපනයේ නිරත සවියක් අවැසි දරු දැරියන් 1418ක් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම ඊයේ (16) සිදු වුණා.

එහිදී වවුනියාව දිස්ත්‍රික්කය තුළ උසස් පෙළ සිසුන් 120ක් සඳහා එක් සිසුවෙකුට මසකට රු.6000 බැගින් වූ ශිෂ්‍යත්ව ද, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 1298ක් සඳහා එක් සිසුවෙකුට රු.3000 බැගින් වූ ශිෂ්‍යත්ව ද පිරිනැමීම සිදු වුණා.

ජනාධිපති අරමුදලේ සංවිධාන ශක්තියෙන් යුතුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වැඩසටහන දියත් වන අතර එයට දායකත්වය දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.

(lknews)