කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න යන සංචිතය

April 11, 2024 - 4:48 PM
මේ වසරේ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය සඳහා සහභාගී වන සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තු විසින් නායකත්වය දරණ එම කණ්ඩායමට 15 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා සහ අනුෂ්කා සංජීවනී යන ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 25 වනදා සිට මැයි මස 07 වනදා දක්වා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.

(lknews.lk)