ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් උපරිම සහය

June 20, 2024 - 11:10 AM
චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian ඊයේ (19) එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිළි කළා.

එහිදී ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය සිය උපරිම සහය ලබා දෙමින් සිටින බව ඔහු කියා සිටියා.

අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

(lknews)