ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

July 30, 2024 - 7:27 PM
නවතම ICC කාන්තා T20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් එහි 6වන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

එමෙන්ම හර්ෂිතා සමරවික්‍රමද එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් එම ශ්‍රේණිගත කිරීම්වල 20වන ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර නවතම ICC කාන්තා T20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට කවීෂා දිල්හාරි සමත් වී තිබෙනවා.

ඒ අනුව ඇය එම ශ්‍රේණිගත කිරීම්වල 17වන ස්ථානයේ රැඳී සිටිනවා.

(lknews)