බොලිවියාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

September 08, 2024 - 6:17 PM
දින කිහිපයක සිට බොලිවියාවේ දරුණු ලැව් ගිනි ආපදා කිහිපයක් පැතිර යමින් තිබෙනවා.

බොලිවියාවේ ලැව්ගිනි 72ක් මේ වනවිට සක්‍රීයව පවතිනවා.

එමඟින් විනාශ වී ඇති වනාන්තර භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 3 ඉක්මවන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් එරට ලා පස් අගනුවර ඇතුළු නගර කිහිපයකම වායු ගුණාත්මක බව පහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරටට ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.


(lknews)