කුරුලු උණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

June 23, 2024 - 12:44 PM
ලොව ඇතැම් රටවල මේ වන විට පැතිරෙමින් පවතින කුරුලු උණ වසංගත රෝගයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට අවදානමක් මතුව නැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එසේ වුවත් සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.
(lknews.lk)