තාබුගලගේ සිද්ධිය ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

October 15, 2024 - 1:44 PM
යම් අපරාධයක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන විට ඒ සඳහා අවශ්‍ය සියලු තොරතුරු රැස් කර අදාළ නඩුව ගොනු කළ යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු සඳහන් කළේ විවිධ අඩුපාඩුකම් සහිතව නඩු ගොනු කිරීම මඟින් එය විත්තිකරුට වාසියක් වන බවයි.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සිදු කරන පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(lknews.lk)