වතුර නොලැබීමෙන් තවමත් ජනතාව දැඩි පීඩාවට

June 18, 2024 - 4:03 PM
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් වුවත් 85,000ක පමණ පිරිසකට තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් අද (18) පස්වරු 6.00 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

(lknews)