මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් හමුවෙයි

October 22, 2023 - 3:19 PM
රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවක තිබියදීයි.

අදාළ යාත්‍රාව අද (22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය සොයා ගැනුණා.

එහිදී සොයා ගැනුණු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 200කට අධික බවයි වාර්තා වන්නේ.
(lknews.lk)