බූස්ස ‍බන්ධනාගාර රෝහලෙන් දුරකථන උපාංග තොගයක් සොයාගනියි

December 04, 2024 - 12:37 PM
බූස්ස ‍බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී බන්ධනාගාර රෝහළ තුළ හා බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 05ක්, ඩේටා කේබල් 08ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)