පුටින්ගෙන් අමුතු ඉල්ලීමක්

February 16, 2024 - 1:10 PM
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල පිරිසක් මිය ගොස් ඇති බවත්, වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවත් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් අමතමින් ඔහු කියා සිටියා.

මේ නිසා ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක්වත් සිටීම වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
(LKNEWS)