තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයකට එක් වෙයි

January 10, 2024 - 8:44 AM
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනයට සහය පළ කරමින් අද (10) දින පැය 48ක වර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති ගණනාවක් ඊයේ පස්වරුවේ නිවේදනය කළා. 

ඒ වෛද්‍යවරුන් සඳහා වන 'ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව' හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින්. 
 
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, ඛන්තු රේඛන ශිල්පී සංගමය, පාසල් දන්ත චිකිත්සක සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී සංගමය සහ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය එලෙස වර්ජනයට එක්වී තිබෙනවා. 
 
ඒ අනුව අද පෙරවරු 8.00 සිට ට පැය 48ක කාලයක් මෙම වර්ජනය සිදු කරන බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපතිවරයා පැවසුවේ. 
 
නමුත් ළමා රෝහලේ, පිළිකා රෝහලේ, මාතෘ රෝහල්වල, වකුගඩු රෝහල්වල, මධ්‍යම ලේ බැංකුවේ සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද සඳහන්.
(lknews.lk)