අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය අවසන්

July 23, 2024 - 11:30 AM
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් විසින් අද (23) ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් වර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළා.

(lknews)