ඇමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

April 06, 2024 - 2:37 PM
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරයට රික්ටර් මාපක ඒකක 4.8 භූමිකම්පාවක් ඇති වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය එරට වෙලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රධාන භූමිකම්පාවෙන් පසුව පසු කම්පන 11ක් වූ බව සඳහන් වනවා.

එමෙන්ම ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවද මෙම භූකම්පනයෙන් සෙල වී තිබෙනවා.

කෙසේ වුවත් භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා නොවෙන බවයි සඳහන් වන්නේ.

(lknews.lk)