පාසල් සිසුවාට අමානුෂිකව පහර දුන් ගුරුවරියට වැඩ වරදී

November 07, 2023 - 2:14 PM
සිය පාසලේ ගුරුවරියක විසින් තමන්ට පහර දුන් බව කියමින් සිසුවෙකු රෝහල් ගත කර තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවා වැඩිදුරටත් පැවසුවේ පාසලට අලුතින් පැමිණි ගුරුවරිය විසින් හේතුවක් නොමැතිව වේවැලකින් පහර දුන් බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් LKNews අප කළ විමසීමකදී විදුහලේ විදුහල්පතිවරයා පැවසුවේ, පාසලට අලුතින් පැමිණි ගුරුවරියක විසින් මෙම සිසුවාට පහර දුන් බවට සිසුවාගේ මව්පියන් චෝදනා කළ බවයි.

එමෙන්ම පහර දුන් ගුරුවරියගෙන් කරුණු විමසා මාධ්‍යට ප්‍රකාශයක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)