විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ගැන චෝදනාවක්

January 20, 2024 - 10:29 AM
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා අධ්‍යයන දීමනාව 25%කින් වැඩි කිරීම පසුගියදා තීරණය කර තිබුණා.

නමුත් මෙයට අදාළව මේ වන තෙක් නිශ්චිත චක්‍රලේඛයක් නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරනවා.

එහි උපසභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, ආචාර්යවරුන්ගේ ජනවාරි මස වැටුපට එම දීමනාව ලබා නොදුන හොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(lknews.lk)