එක් පළාතක ඉරිදා සහ පෝය දිනවල උපකාරක පංති තහනම් වෙයි

October 23, 2023 - 12:34 PM
නැගෙනහිර පළාතේ ඉරිදා සහ පෝය දිනවල උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

දහම් අධ්‍යාපනයට යෙදවීමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වී තිබීම හේතු කරගෙන මෙම තීරණය ගත් බව සඳහන්.

ඒ අනුව පලාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක මහතාගේ අත්සනින් යුතුව චක්‍ර ලේඛයේ නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඉරිදා දිනවල පස්වරැ 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්විම මෙලෙස තහනම් වනු ඇති.
(lknews.lk)