ව්‍යාජ නෝට්ටු සමඟ සැකකාරියක් පොලිසියට කොටු වෙයි

September 06, 2024 - 1:08 PM
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් ළඟ තබා ගෙන සිටි සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේදී දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
 
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය සිදු කරනු ලබනවා.

(lknews)