අයිස් සමඟ සැකකරුවෙක් පොලීසියට කොටු වෙයි

September 12, 2024 - 1:42 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙක් ඊයේ (11) රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.  

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවරුදු 37ක් වන දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   


[lknews]