හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

September 09, 2024 - 4:08 PM
හෙරොයින් ග්‍රෑම් 117යි මිලිග්‍රෑම් 490ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ පැලෑන ප්‍රදේශයේදී මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31වන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ වැලිගම පොලීසිය විසින් සිදු කරනු ලබනවා.



(lknews)