මුදල් වංචා කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

September 29, 2023 - 12:22 PM

විදෙස් රැකියා ලබා දෙන බවට පවසා රුපියල් 137,000ක් මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු කඩුගන්නාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිටියදී ඊයේ(28) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

51 හැවිරිදි සැකකරු මීරන්දෙනිය, ගාල්ල ප්‍ රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී ඔහුට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩු 13ක් විභාග වන බවද අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.