අටළුගම දැරිය ඝාතනය කළ සැකකරුට වසර 27ක සිරදඬුවම්

February 13, 2024 - 4:58 PM
මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර - අටළුගම ප්‍රදේශයේදී 09 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් සැකකරුට අද (13) බරපතල වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් මිය ගිය දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළා.

එය නොගෙවන්නේ නම් වසර හයහමාරක ලිහිල් සිරදඬුවම්ද සැකකරුට නියම කෙරුණා.
(LKNEWS)