රන් භාණ්ඩ සොරකම් කළ සැකකාරියක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට

September 10, 2024 - 10:36 AM
හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 200ක් ළඟ තබා ගෙන සිටි සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකාරිය ගෘහ සේවිකාවක් වශයෙන් කරයුතු කර ඇති බව වාර්තා වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකාරිය නිවෙස්වල සේවයට ගොස් නිවෙස් වලින් රන් භාණ්ඩ හා  දේපළ හොරකම් කර ඇති බවයි.

මෙම කාන්තාව දෙහිවල, මිරිහාන, හා හොරණ පොලිස් ස්ථාන වලට ලද පැමිණිලි කිහිපයකටම අවශ්‍ය කර සිටී සැකකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

සොරකම් කර තිබූ භාණ්ඩ අතුරින් රන් වළලු 02ක්, රන් මාල 02ක්, රන් පෙන්ඩන් 01ක් සොයා ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරනු ලබනවා.


(lknews)