දිවයින පුරා මෙහෙයුම්වලින් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

February 10, 2024 - 11:59 AM
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116ක් සිටින බවයි පොලීසිය පැවසුවේ.  

එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 116 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 14ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95ක්ද සිටින බව සඳහන්.
(lknews.lk)