බංගලාදේශයට ලකුණු 175ක ඉලක්කයක්

March 09, 2024 - 4:21 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරග මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.  

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් සහ දසුන් ශානක ලකුණු 19 ක් රැස් කළා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 175ක්.
(lknews.lk)