කුලී නිවෙස් හිමියන්ගෙනුත් බද්දක්

June 15, 2024 - 12:56 PM
2025 වසරේ අප්‍රේල් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන ලෙස නේවාසික දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

මෙරට රාජ්‍ය ආදායම් ඉහල දැමීමේ පියවරක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබා දුන් විට ඔහුට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමයි.

මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වනවා.

(xanin.lk)