ජුනි 26 වනදා ගුරු - විදුහල්පතිවරුන් අසනීප වී කොළඹට එයි

June 20, 2024 - 7:11 PM
අසනීප නිවාඩු වාර්තා කරමින් ජුනි 26 වනදා උදෑසන 11.00ට සමස්ත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කොළඹට පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝසප් ස්ටාලිං පවසනවා.

ඔහු සඳහන් කළේ ගුරු වැටුප් විෂමතාවය විසඳීමට බලධාරීන් පියවර නොගැනීම නිසා එදින සියලු ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොළඹට පැමිණෙන බවයි.

පසුගියදා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවද අසාර්ථක වූ බව ඔහු කියා සිටියා.

අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ඇගැයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

(xanin.lk)