අග්නිදිග විශ්වවිද්‍යාලයේ පීඨ රැසක් වැසෙයි

January 11, 2024 - 11:58 AM
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවතින ගංවතුර අවදානමක් හේතුවෙන්.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු අග්නිදිග විශ්වවිද්‍යාලයේ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
(lknews.lk)