පුද්ගලයන් 9 දෙනෙකුට දිවි අහිමි කළ දකුණු කොරියාවේ බිහිසුණු අනතුර

July 02, 2024 - 3:55 PM
දකුණු කොරියාවේ සෝල් අගනුවරදී මෝටර් රථයක් පදිකයන් මතින් ධාවනය කිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තිබෙනවා

අදාළ මෝටර් රථය මාර්ගයේ වැරදි දිශාවෙන් පැමිණ පදික වේදිකාවේ සිටි පිරිස අනතුරට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපත බව සඳහන්.

මෝටර් රථය ධාවනය කළ 68 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වනවා.

(lknews)