පළමු මාස 8 දී ලක්ෂ 7කගේ විදුලිය විසන්ධි කරයි

November 05, 2023 - 2:37 PM
මාස 8ක කාලයක් තුල ලක්ෂ 7කට ආසන්න පිරිසකගේ විදුලිය විසන්ධි කළ බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරනවා.

ඉකුත් අගෝස්තු මාසයේ පමණක් සිදු කළ විසන්ධි කිරීම් සංඛ්‍යාව එක්ලක්ෂ විසි දහස ඉක්මවන බව සඳහන්.

මෙම වසරේ පළමු මිල සංශෝධනය යටතේ පෙබරවාරි 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව වැඩිවීම සිදු වුණා.

ඒ අනුව මාර්තු මාසයේ පමණක්  විදුලිය විසන්ධි කිරීම් 58,000ක් වාර්තා වනවා.
(lknews.lk)