බිත්තර මිල සහ කුකුළු මස් මිල ඉදිරියේදී තවත් වෙනස් වෙයි

September 15, 2023 - 10:20 AM
බිත්තර සහ කුකුළු මස් මිල යළිත් ඉහළ යාමක් සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එමෙන්ම ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් 3,420,000ක් ඉක්මවා තිබෙන බව ද එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දමන බව ද සඳහන්.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ, ඒ හේතුවෙන් ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බවයි.

දැනට පවතින දෛනික බිත්තර හිඟය ලක්ෂ 10ක් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)